ආනන්දීය නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබව සාදරයෙන් පිළිගනිමු | Welcome to the official website of ACC | பள்ளியின் அதிகாரப்பூர்வ வலைத்தளத்திற்கு வருக.
ආනන්දීය නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබව සාදරයෙන් පිළිගනිමු | Welcome to the official website of ACC | பள்ளியின் அதிகாரப்பூர்வ வலைத்தளத்திற்கு வருக.
ආනන්දීය නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබව සාදරයෙන් පිළිගනිමු | Welcome to the official website of ACC | பள்ளியின் அதிகாரப்பூர்வ வலைத்தளத்திற்கு வருக.
ආනන්දීය නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබව සාදරයෙන් පිළිගනිමු | Welcome to the official website of ACC | பள்ளியின் அதிகாரப்பூர்வ வலைத்தளத்திற்கு வருக.
School Calendar

Events & Activities

Upcoming events, sports meets, cultural festivals, and academic programs

0 Upcoming
6 Past Events
Upcoming List

Scheduled Activities

No upcoming events scheduled.

Try switching the category filter above.

Interactive Agenda

Academic Event Planner

Browse school events date-by-date. Days with scheduled programs are marked with interactive color indicators.

October 2026

SunMonTueWedThuFriSat
27
28
29
30
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
1
2
3
4
5
6
7

Date Schedule

Sat, October 31, 2026

No events scheduled on this day.

Historical Timeline

Past Event Chronicles

Review highlights and visual archives from recently concluded meetings, matches, and ceremonies.

අනඳ කරළිය 2026 (Ananda Karaliya 2026)
📅 31 Jul 2026
Cultural

අනඳ කරළිය 2026 (Ananda Karaliya 2026)

ජාතික සංස්කෘතික උරුමය අනාගතයට දායාද කරමින් පාසල් දූ දරුවන්ගේ සෞන්දර්යාත්මක දැනුම වර්ධනය කිරීම උදෙසා හලාවත ආනන්දීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන, පුත්තලම දිස්ත්‍රික්කයෙන් පළමු වරට ඉදිරිපත් කෙරෙන "අනඳ කරළිය 2026" සංස්කෘතික වැඩසටහනයි. මෙහි ප්‍රධානතම අංගය ලෙස දෙබස්, කථන, මුද්‍රා සහ ගීත නාට්‍යයන්ගෙන් සමන්විත අතිශය දුර්ලභ "ගම්මඩු ශාන්තිකර්මයක්" පැවැත්වීමට නියමිත අතර, මෙම සුවිශේෂී ප්‍රසංගය ජූලි මස 31 වනදා සහ අගෝස්තු මස 01 වනදා යන දිනයන්හි සවස 6.30 ට ආරම්භ වේ.

📍 Ananda College Chilaw Playground
ආනන්දීය පොසොන් කලාපය - 2026
📅 29 Jun 2026
Cultural

ආනන්දීය පොසොන් කලාපය - 2026

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟින් අපට ලැබුණු ඒ උතුම් දහම් පණිවිඩය මහත් හරසරින් සමරන්න, හලාවත ආනන්ද ජාතික පාසලේ සිසුන් මෙවරත් සංවිධානය කරන "ආනන්ද පොසොන් කලාපය - 2026" සඳහා ඔබ සැමට ඉතා ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු. සිතට නිවනක් දෙන බොදු බැති ගී සර සහ විචිත්‍රවත් ආලෝක පූජාවන්ගෙන් හැඩවන අපේ පාසල් පරිශ්‍රයේ මේ පින්බර පොසොන් කලාපය තුළ ඔබට දැකබලා ගැනීමට සහ අත්විඳීමට ලැබෙන විශේෂාංග: ප්‍රධාන ආකර්ෂණීය අංග: • මනස්කාන්ත පොසොන් පහන් කූඩු ප්‍රදර්ශනය • භක්ති ගීත, නාට්‍ය සහ සුවිශේෂී සංගීතමය වැඩසටහන් • පැමිණෙන සැමට සිසිලස දෙන අයිස්ක්‍රීම් දන්සල දින වකවානු සහ කාලසටහන: • ජුනි 29, ජුනි 30 සහ ජූලි 01 යන තෙදින පුරා... • වේලාව: සෑම දිනකම සවස 7:00 සිට පාසල් පරිශ්‍රයේදී. විශේෂ රාත්‍රීන්: • ජුනි 30 රාත්‍රිය: හලාවත ආනන්දේ දිරිය සිසුන්ගේ සහජ දක්ෂතාවලින් හැඩවන විශේෂාංග. • ජූලි 01 රාත්‍රිය: රාජ්‍ය ආයතන සහ අනෙකුත් සහෝදර පාසල්වල දායකත්වයෙන් ඉදිරිපත් කරන විශේෂාංග. හලාවත අපේම ආනන්දේ මේ උතුම් පොසොන් අසිරිය විඳගන්නට ඔබේ පවුලේ සැමට, යාළු මිත්‍රාදීන් සැමට පාසල් පරිශ්‍රයට පැමිණෙන්න කියා අප විවෘතව ආරාධනා කරනවා. වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න: 0765280473

📍 Ananda College Chilaw
සංකලිත රන්තාරු 2026
📅 26 Jun 2026
Cultural

සංකලිත රන්තාරු 2026

හලාවත ආනන්ද විද්‍යාලයීය ද්විතීයික අංශයේ දරු දැරියන්ගේ ප්‍රෞඩ සංස්කෘතික ප්‍රකාශනය සහ සෞන්දර්යාත්මක පෙළහර, "සංකලිත රන්තාරු 2026" අභිමානයෙන් යුතුව ඔබ හමුවට! සාම්ප්‍රදායික උරුමයත්, නූතන කලා කුසලතාවයනුත් එකම වේදිකාවක මුසු වන මේ සුවිශේෂී කලා මංගල්‍යය නැරඹීමට ඔබ සැමට විවෘත ආරාධනයක්!

📍 Sudasuna Hall,Chilaw
2026 අනද සූර්ය සෙනෙහස: සහජීවනයේ අවුරුදු උදාව
📅 5 May 2026
Cultural

2026 අනද සූර්ය සෙනෙහස: සහජීවනයේ අවුරුදු උදාව

අධ්‍යාපනයේ කාර්යබහුලත්වය මොහොතකට නතර කර, සහෝදරත්වයේ උණුසුම විඳින්නට පෙරුම් පිරූ ඒ සොඳුරු දවස උදා වීමට ඇත්තේ තවත් එක රැයක් පමණයි! 🌸 2026 අනද සූර්ය සෙනෙහස: සහජීවනයේ අවුරුදු උදාව 🌸 විද්‍යා, වාණිජ, කලා සහ තාක්ෂණික...විෂය ධාරාවන්ගෙන් අපි බෙදී සිටියත් , හෙට අපි එකම මවකගේ දරුවන් සේ විද්‍යාලීය ක්‍රීඩා භූමියට රොක් වෙමු. ඒ සදානුස්මරණීය අලුත් අවුරුදු අසිරිය සමරන්නටයි! 🤝 අභිමානවත් ආරම්භය: කිරි ඉතිරවා මංගල්‍යයේ සුබ ලකුණු පතන ඒ සොඳුරු චාරිත්‍ර වාරිත්‍ර. 🥛🔥 උද්යෝගයේ අග්‍රඵලය: දෑතේ ශක්තිය උරගා බලන කඹ ඇදීම, දෙනෙත් පියා ඉලක්කයට යන කණා මුට්ටි බිඳීම සහ ජවය පෙන්වන තවත් ජන ක්‍රීඩා රාශියක්! 🎯🏆 අභිෂේකය: කවුරුන් වේවිද මෙවර "අනද සූර්ය කුමරා සහ කුමරිය"? ඒ රාජකීය මොහොත දැකගන්න හෙට එන්නම ඕනේ! 👑✨ සැබෑ සහෝදරත්වය: එකම මේසයක වාඩි වී අවුරුදු කැවිලි කන, විහිළු තහළු කරමින් මතකයන් අලුත් කරගන්නා ඒ සුන්දර බැඳීම. ❤️ පොත් අතර හිරවුණු දවස්වලට විවේකයක් දෙන්න, සහෝදරත්වයේ දෑත් පටලවාගෙන හෙට දවස අපේ කරගමු!" 📅 දිනය: (මැයි 5) 📍 ස්ථානය: විද්‍යාලීය ක්‍රීඩා භූමිය 🕗 වේලාව: උදෑසන 8:00 සිට උත්කර්ෂවත් ලෙස! ඔබේ දේශීය ඇඳුමෙන් සැරසී, සිනහව මුසු මුහුණින් හෙට උදෑසනම ක්‍රීඩා පිටියට එන්න. අපි හෙට දවස ඉතිහාසයට එක් කරමු! 🇱🇰

📍 Ananda College Chilaw Playground

Get Calendar Updates

Subscribe to receive notifications directly in your inbox whenever a new sports meet, ceremony, or academic event is announced.