Cultural
Concluded
2026 අනද සූර්ය සෙනෙහස: සහජීවනයේ අවුරුදු උදාව
Event Date
Tuesday, May 5, 2026
Scheduled Time
08:00 - 13:30
Venue/Location
Ananda College Chilaw Playground
Organizer
2027 A/L BATCH
About This Event
අධ්යාපනයේ කාර්යබහුලත්වය මොහොතකට නතර කර, සහෝදරත්වයේ උණුසුම විඳින්නට පෙරුම් පිරූ ඒ සොඳුරු දවස උදා වීමට ඇත්තේ තවත් එක රැයක් පමණයි! 🌸
2026 අනද සූර්ය සෙනෙහස: සහජීවනයේ අවුරුදු උදාව 🌸
විද්යා, වාණිජ, කලා සහ තාක්ෂණික...විෂය ධාරාවන්ගෙන් අපි බෙදී සිටියත් , හෙට අපි එකම මවකගේ දරුවන් සේ විද්යාලීය ක්රීඩා භූමියට රොක් වෙමු. ඒ සදානුස්මරණීය අලුත් අවුරුදු අසිරිය සමරන්නටයි! 🤝
අභිමානවත් ආරම්භය: කිරි ඉතිරවා මංගල්යයේ සුබ ලකුණු පතන ඒ සොඳුරු චාරිත්ර වාරිත්ර. 🥛🔥
උද්යෝගයේ අග්රඵලය: දෑතේ ශක්තිය උරගා බලන කඹ ඇදීම, දෙනෙත් පියා ඉලක්කයට යන කණා මුට්ටි බිඳීම සහ ජවය පෙන්වන තවත් ජන ක්රීඩා රාශියක්! 🎯🏆
අභිෂේකය: කවුරුන් වේවිද මෙවර "අනද සූර්ය කුමරා සහ කුමරිය"? ඒ රාජකීය මොහොත දැකගන්න හෙට එන්නම ඕනේ! 👑✨
සැබෑ සහෝදරත්වය: එකම මේසයක වාඩි වී අවුරුදු කැවිලි කන, විහිළු තහළු කරමින් මතකයන් අලුත් කරගන්නා ඒ සුන්දර බැඳීම. ❤️
පොත් අතර හිරවුණු දවස්වලට විවේකයක් දෙන්න, සහෝදරත්වයේ දෑත් පටලවාගෙන හෙට දවස අපේ කරගමු!"
📅 දිනය: (මැයි 5)
📍 ස්ථානය: විද්යාලීය ක්රීඩා භූමිය
🕗 වේලාව: උදෑසන 8:00 සිට උත්කර්ෂවත් ලෙස!
ඔබේ දේශීය ඇඳුමෙන් සැරසී, සිනහව මුසු මුහුණින් හෙට උදෑසනම ක්රීඩා පිටියට එන්න. අපි හෙට දවස ඉතිහාසයට එක් කරමු! 🇱🇰
Event Highlights & Summary
This event was successfully completed under the supervision of the organizing committee. We would like to thank all student representatives, teachers, and guests for their presence.
Awards
Presented
Attendance
High
Outcome
Successful
Event Photography
All photography files are cataloged under the visual archives page.