ඉන්දියාවේ භීවාඩි නුවර (Bhiwadi) Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්රිකට් කණ්ඩායම 2026 අප්රේල් 20 දින සිට 25 දින දක්වා විශේෂ ක්රිකට් සංචාරයක යෙදීමට නියමිතයි
Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්රිකට් කණ්ඩායම ආනන්ද විද්යාලයට
ඉන්දියාවේ භීවාඩි නුවර (Bhiwadi) Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්රිකට් කණ්ඩායම 2026 අප්රේල් 20 දින සිට 25 දින දක්වා,දෙරට අතර ක්රීඩා සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙරට සිදුකරන විශේෂ ක්රිකට් සංචාරයක යෙදීමට නියමිතයි.
ඒ පසුගිය 2025 වර්ෂයේ ජුනි 1 දා සිට 8 වන දා දක්වා හලාවත ආනන්දීය 15 කණ්ඩායම ඉන්දියාවේ භීවාඩි නුවර (Bhiwadi) Seth M.R. Jaipuria පාසලේ සිදු කෙරූ ක්රිකට් සංචාරයේ දිගුවක් ලෙසයි.
ඒ අනුව එම කණ්ඩායම ආනන්ද විද්යාලය හා සුහද ක්රිකට් තරග ඇතුළු බොහෝ දේ සිදු කිරීමට නියමිතයි.
මෙමගින් පාසල් ද්විත්වය අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා සහ මිත්රත්වය තවදුරටත් තහවුරු කිරීම,ජාත්යන්තර මට්ටමේ ක්රීඩා අත්දැකීම් ලබා දෙමින් දරුවන්ගේ ක්රිකට් කුසලතාව ඉහළ නැංවීම විශේෂයෙන්ම දෙරටේ සිසුන් අතර සංස්කෘතික සහ ක්රීඩාශීලී සබඳතා ගොඩනැගීම මෙමගින් අරමුණු කෙරේ.
එමෙන්ම එළඹෙන 2026 අප්රේල් 20 දින සිට 25 දින දක්වා සංචාරයේ යෙදෙන ඉන්දියාවේ භීවාඩි නුවර (Bhiwadi) Seth M.R. Jaipuria පාසලේ වයස අවුරුදු 15න් පහළ ක්රිකට් කණ්ඩායම සාදරයෙන් පිළිගැනීමට ආනන්ද විද්යාලීය විදුහල්පති ඇතුළු සෑම දෙනාම සූදානමින් සිටිනවා
हम आपका स्वागत करने के लिए तैयार हैं।.............
Geenula Jagoda
Have updates, alerts, or achievements to submit? Reach out to the physical education department or editorial team.
Contact School Office
Comments
Sign in to comment
No comments yet. Be the first to comment!
Showing 15 of comments