Back to 📢 School News News
Events

හලාවත ආනන්දයේ වෙස් නර්තන අංගයට ඉන්දීය ශිෂ්‍ය සංගමයේ ඉහළ ඇගයීමක්

Monday, October 5, 2026
By ACCPS
1 min read
75 words
හලාවත ආනන්දයේ වෙස් නර්තන අංගයට ඉන්දීය ශිෂ්‍ය සංගමයේ ඉහළ ඇගයීමක්

හලාවත ආනන්ද විද්‍යාලයීය සංවිධායකත්වයෙන් පැවැති විශේෂ සංස්කෘතික හුවමාරු වැඩසටහනේදී එම විද්‍යාලයේ වෙස් නර්තන කණ්ඩායම දැක්වූ විශිෂ්ට දක්ෂතාවන් ඉන්දීය නියෝජිත පිරිසේ ඉහළ ඇගයීමට ලක්විය.

වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ Seth M R Jaipuria School (Bhiwadi) නර්තන කණ්ඩායම අද දින හලාවත ආනන්ද විද්‍යාලීය පරිශ්‍රය වෙත පැමිණි අතර, එහිදී දෙරටේම සංස්කෘතික උරුමයන් විදහා දක්වන ප්‍රසාංගික අංග රැසක් ඉදිරිපත් කෙරිණි. එහිදී ආනන්ද විද්‍යාලීය වෙස් නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද අලංකාර සහ ප්‍රෞඪ නර්තන අංගයන් දැක මහත් විශ්මයට පත් වූ ඉන්දීය ශිෂ්‍ය සිසුවියන් සහ ගුරුවරුන්, ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමයට උපහාර දක්වමින් වෙස් නර්තන කණ්ඩායම සමඟ විශේෂ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ

A

ACCPS

Contributor

📢 School News

View Articles

Comments

More from this club

ඉන්දීය Seth M. R. Jaipuria පාසලේ නර්තන කණ්ඩායම දිවයිනට: හලාවත ආනන්ද විද්‍යාලයෙන් උණුසුම් පිළිගැනීමක්

දෙරට අතර ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා සහ නර්තන කලා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරනු ලබන විශේෂ නර්තන වැඩසටහනකට සහභාගී වීම සඳහා ඉන්දියාවේ Bhiwadi හි Seth M. R. Jaipuria පාසලේ විදුහල්පතිනී Dr. Priti Ojha මහත්මිය ඇතුළු නර්තන කණ්ඩායම සහ ගුරු මඩුල්ල අද (අද දිනය) උදෑසන 9.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියහ.

Oct 4