ආනන්ද විද්යාලීය ශිෂ්ය පාර්ලිමේන්තු සාමාජිකයින් ට නායකත්ව පුහුණුවක්
ආනන්ද විද්යාලීය ශිෂ්ය පාර්ලිමේන්තුවේ (2025) සාමාජිකයින් ගලමුරුව ශාන්ත ඕගස්ට් පුහුණු මධ්යස්ථානයේ දී නායකත්ව පුහුණුවකට එක් වූවා
ආනන්ද විද්යාලීය ශිෂ්ය පාර්ලිමේන්තු (2024/2025) කණ්ඩායම පසුගිය මාර්තු 20 සහ 21 යන දිනවලදී ගල්මුරුව සාන්ත ඕගස්ට් පුහුණු මධ්යස්ථානයේදීය නායකත්ව පුහුණුවකට එක් වූවා. ඒ ආනන්ද විද්යාලීය විදුහල්පති G.A.C.ගුණසිරි සහ
ශිෂ්ය පාර්ලිමේන්තු භාර ගුරුභාවතා වන මදනායක මියගේ මූලිකත්වය මතය .
ඒ අනුව මෙම දෙදින කඳවුර තුළ පාර්ලිමේන්තු සාමාජිකයන් පනස් හය දෙනකු පුහුණුවට එක් වූ අතර එහිදී හලාවත හිටපු කලාප අධ්යක්ෂක නිහාල් සිල්වා මහතාගේ සහ තවත් බොහෝ පිරිසකගේ මග පෙන්වීම මත නායකත්ව ගුණාංග සංවර්ධනය කිරීමේ වැඩසටහන්, නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීමේ වැඩසටහන් සහ සෞන්දර්යාත්මක වැඩසටහන් මගින් සිසුන්ගේ නායකත්ව ගුණාංග ඔපනැන්වීමට කටයුතු කළා.
එහිදී විශේෂ දේශන, අධ්යාපනික ක්රීඩා, Adventure Games, ගී රස වින්දනය වැඩසටහන්,ව්යායාම් වැඩසටහන්, රාත්රී ගිනිමැල සංදර්ශන ආදී ක්රියාකාරකම් රැසක් මගින් එම සිසුන්ට අත්දැකීම් එකතු කර ගැනීමට අවස්ථාව හිමි උනා.
Geenula Jagoda
Have updates, alerts, or achievements to submit? Reach out to the physical education department or editorial team.
Contact School Office
Comments
Sign in to comment
No comments yet. Be the first to comment!
Showing 15 of comments