ශ්රී ලාංකීය පාසල් පද්ධතිය තුළ ඉමහත් කීර්තියක් අත්කරගෙන සිටින හලාවත ආනන්ද ජාතික පාසල, 2025 වසරේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් විශිෂ්ට කුසලතා රැසක් වාර්තා කිරීමට සමත්ව ඇත. විවිධ විෂය ධාරාවන් ඔස්සේ එම විද්යාලයේ සිසුන් 177 දෙනෙකු විශිෂ්ට ප්රතිඵල ලබාගැනීම විශේෂත්වයකි.
පසුගියදා නිකුත් වූ ප්රතිඵල ලේඛනවලට අනුව, වාණිජ, කලා, ජීව විද්යා, භෞතික විද්යා (ගණිත), ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන සියලුම විෂය ධාරාවන්ගෙන් ආනන්දීය දරුවන් දිස්ත්රික් මට්ටමින් ඉහළ ජයග්රහණ දිනාගෙන තිබේ.
විශේෂයෙන්ම ජීව විද්යා අංශයෙන් දිස්ත්රික්කයේ 02 සහ 07 වැනි ස්ථාන ද, වාණිජ අංශයෙන් දිස්ත්රික්කයේ 06 වැනි ස්ථානය ද ඇතුළුව ඉහළම කුසලතා රැසක් හිමිකර ගැනීමට විද්යාලයේ දරුවන් සමත්ව ඇත.
විද්යාලයට මහත් අභිමානයක් ගෙන දුන් මෙම සුවිශේෂී ජයග්රහණය වෙනුවෙන් උසස් පෙළ සමත් වූ සියලුම දක්ෂ දරුවන්ට විද්යාලයේ ගරු විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය සහ සමස්ත පාසල් ප්රජාවම සිය උණුසුම් සුබපැතුම් එක්කර සිටිති.
A Proud Moment for Ananda College, Chilaw
Comments
Sign in to comment
No comments yet. Be the first to comment!
Showing 15 of comments